බුද්ධාගම සහ බුද්ධ ධර්මය අතර වෙනස
මෙම බවුද්ධ රටෙහි බුද්ධාගම පැවැත්ම අත්‍යාවශ්‍ය දෙයකි
එයට හේතුව ඹ්නෑම රටක වැඩිදෙනා එතරම් ප්රඥ්ණාවන්තයින්
නොවන බැවිනි
ප්රඥ්ණාවන්තයින් නොවන බවුද්ධයන්ගේ යහපත සදහා බුද්ධාගම
පැවැතීම අත්‍යාවශ්‍ය දෙයකි
මන්ද එවැනි අයගේ ජීවිත අරමුණක් වන්නේ එවැනි අයට පිලිසරණ
වන්නේ මතුකාලයේ හෝ ප්රඥ්ණාවන්තයෙක්වීම
බැවිනි ඔවුන්ද මතු ප්රඥ්ණාවන්තයෙක්වීම සදහා සද්ධර්මය සහිත දේශයක උපත ලැබිය යුතුවේ
සද්ධර්මය ඇසීමට තරම් නුවණ ඇතිවිය යුතුවේ සද්ධර්මය ප්රුගණ කිරීමට තරම් විවේක ඇති
මූලික අවශ්‍යතා සපිරිනු සැපවත් ජාතියක උපත ලැබිය යුතුවේ එවැනි සැපවත් ජාතියක
උත්පත්තිය ලැබීමට නම් පින් කලයුතුවේ බුද්ධාගම බොහෝවිට පුද්ගලයින් යොමුකරන්නේ
පින්කිරීමටය පින්රැස්කිරීමටය
එබැවින් එවැනි බවුද්ධයන් පින්කම් කිරීමට වැදුම් පිදුම්
කිරිමට සමාදන්වන සිල් රැකීමට ආදියට
යොමුකරවනු ලබයි බොහෝවිට අන්‍ය ආගමිකයන්ගේ සේම බුද්ධාගමිකයන්ගේද වැඩි වශයෙන් ඇත්තේ
භක්තියයි භක්තිය සහ ශ්‍රද්ධාව යනු එකක් නොව
දෙකකි බුද්ධාගම අදහන්නන් හරියට පොඩි ලමයෙක් වැඩිහිටියෙක් විසින් කැදවාගෙනයනවා
වැනිය එවිට අනවශ්‍ය මගතොට නෙගොස් ආරක්ෂිතව නිවැරදි දිශාවට යාමට එය උපකාරීවන බැවිනි
පින්කිරීම සැමදෙනාටම අත්‍යාවශ්‍ය දෙයකි සසර සැප ලැබෙන්නේ
පුණ්‍ය ශක්තිය නිසා බැවිනි පුණ්‍ය ශක්තිය ස්ථාවර දෙයක් නොවේ එය සැපවිපාක දෙමින්
වැයවීයන දෙයකි එබැවින් සසර සැප කැමති අය නිරතුරුව පින්කිරීම පින් රැස්කර ගැනීම
කලයුතුවේ පින්කිරීමට බවුද්ධයෙක්වීම අවශ්‍ය නැත අන්‍ය ආගමිකයින්ද පින්කම් කරති පින්
රැස්කර ගනිති බුද්ධාගම මූලික වශයෙන් පින් රැස්කරගැනීමට මග පෙන්වයි බුද්ධාගම දෙව්
මිනිස් ආදී සැපවත් ජාතීන්ට මතු වඩා නුවණැති ජාතීන් ලැබීමට මග පෙන්වයි
රටක බවුද්ධ සංස්කෘතිය මූලික වශයෙන් ආරක්ෂා කරන්නේ වෙන්නේ
බුද්ධාගමිකයන් නිසාය බොහෝ පින්කම් කරන්නේ ඹවුන් විසින්ය
වැඩිවශයෙන් පෙරහර පැවැත්වීම් ආදී ආගමික උත්සව කරන්නේ ඹවුන් විසින්ය
බුද්ධාගම සහ බුද්ධ ධර්මය අතර වෙනස්කම් රාශියක් ඇතත් වෙවැනි කෙටි ලිපියක සියල්ල සදහන් කල නොහැක
වැඩිවශයෙන් පෙරහර පැවැත්වීම් ආදී ආගමික උත්සව කරන්නේ ඹවුන් විසින්ය
බුද්ධාගම සහ බුද්ධ ධර්මය අතර වෙනස්කම් රාශියක් ඇතත් වෙවැනි කෙටි ලිපියක සියල්ල සදහන් කල නොහැක
බුද්ධාගමිකයින් විසින් කරගතයුතු ප්‍රදාන කටයුත්තක් වන්නේ
තමන්ගේ දහම් දැනුම වැඩිකරගෙන නුවණ වැඩිකර ගනිමින් බුද්ධධර්මකයින් බවට පත්වීමය
බුද්ධ ධර්මය සසර සැප විදීම සදහා නොවේ එය සසරින් මිදීම
සදහාය නිවන් දැකීම සදහාය එය ප්රඥ්ණාවන්තයින් සදහාය මෙහි ප්රඥ්ණාවන්ත යනුවෙන් අදහස්
කරන්නේ දැනුම නොවේ උපාධිධාරීන්වීම ආදිය නොවේ ඹවුන් යොමුවන්නේ පින් කිරීමට වඩා කුසල්
කිරීමටය පින් සහ කුසල් යනු එකක් නොව දෙකකි නමුත් වරදවා වටහා නොගත යුතුය ඹවුන් පින්
නොකරනවා නොවේ මවුන්ද නිරන්තරව පින් කල යුතුය පින් කරයි නමුත් ඹවුන් පින් රැස්කර
ගැනීමට උනන්දු වන්නේ නැත මන්ද පින්ද පව්සේම සසර දික් කරන බැවිනි පව් දුකසේ සසර
දික් කරන අතර පින් සැපසේ සසර දික් කරයි එබැවින් නිවන් දැකීමට කටයුතුකරන
ප්රඥ්ණාවන්තයින් කරනු ලබන පින් කුසල්බවට හරවාගනු ලබයි බුද්ධ ධාර්මිකයන්ගේ වැඩි
වශයෙන් ඇත්තේ භක්තිය නොව ශ්රද්ධාවයි භක්තිය සහ ශ්‍රද්ධාව යනු එකක් නොව දෙකකි
අපරටෙහි කුඩා ලමුන්ට බොහෝවිට උගන්වනුයේ බුද්ධාගමයි නමුත්
ඹවුන් වැඩි වයසට පත්වනවිට ඹවුන්ට බුද්ධ ධර්මයද ඉගැන්විය යුතුව ඇත එවිට නුවණ ඇති
අයට බුද්ධාගමිකයන් වන අතර බුද්ධධාර්මිකයන් වීමට එය හොද මග පෙන්වීමක් වන බැවිනි නමුත්
එලෙස සිදු නොවීම රටෙහි ඇති අවාසනාවකි
බුද්ධාගම ප්රාදාන වශයෙන් නිවන් දැකීම අරමුණු නොකරයි
බුද්ධ ධර්මය ප්‍රදාන වශයෙන් නිවන් දැකීම අරමුණු කරයි
බුද්ධ ධර්මය යනු නිර්වාණ මාර්ගයයි
එබැවින් නිර්වාණ අවබෝධය ලබන්නේ ප්‍රදාන වශයෙන් බුද්ධාගාමිකයෙක්
නොව බුද්ධධර්මිකයෙකි
බුදුවරයන් වහන්සේලා විසින් සසර දුකින් පෙලෙන ලෝක සත්වයා
කෙරෙහි අණුකම්පාවෙන් දේශණා කරන්නේ
බුද්ධාගම නොව බුද්ධ ධර්මයයි
බුද්ධාගම යනු පසුකාලයේ අනුවණ අයගේ යහපත වෙනුවෙන්
නිර්මාණය කරගත් දෙයකි එබැවින් ඒ අයගේ යහපත වෙනුවෙන් එය පැවැත්මද අවශ්‍යව ඇත
අප රටෙහි බොහෝවිට බුද්ධාගම අදහන අයට බුද්ධධාර්මිකයන්
රුචි නැත බුද්ධ ධාර්මිකයන්ට බුද්ධාගාමිකයන් රුචි නැත මෙය ගිහියන් අතර පමණක් නොව
භික්ෂූන් වහන්සේලා අතරද වෙයි රටෙහි නොයෙකුත් වාදවිවාද ඇතිවීමට මෙය හේතුවී ඇත
එබැවින් සැමදෙනා විසින් රටෙහි ඇති මෙම පරස්පරය තේරුම්ගෙන
කටයුතු කිරීම අත්‍යාවශ්‍යව ඇත
හොඳ ලිපියක්....
ReplyDeleteමටත් ආස හිතන්නෙ මේ වගේ ලිපියක් දක්නට ලැබූ නාම ....දෙවියන් උපකාර කරනවා ඔයාගෙ ලිපි වලට වාසනාවන්ත වේවා....
ReplyDeleteතව තවත් මේ වගේ ලිපි ලියන්න.......
ReplyDelete