Wednesday, November 13, 2019

භෞතික විද්‍යාව කොටස අතහැර නමට විද්‍යාව ඉගැන්වීම










වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිස කාන්තාවන්ය
ඔවුන්ගෙන් වැඩි පිරිස ජීව විද්‍යා අංශයෙන් ඉගෙනගත් අයය
ඔවුන් විභාග පාස්වී ඇත්තේ ජීව විද්‍යා ප්‍රශ්ණ වලට පිළිතුරු ලිවීමෙනි
එබැවින් ඔවුන් විද්‍යාව උගන්වන විට බොහෝවිට විෂය නිර්දේශයේ ඇති ජීව විද්‍යා පාඩම් වැඩියෙන් උගන්වන අතර
භෞතික විද්‍යාව කොටස් උගන්වන්නේ නොසැලකිලිමත්වය
එයට හේතුව එම කොටස්වල ඇතුලත් ඇතැම් කරුණු ගැන ඔවුන්ගේ දැණුවත්බව අඩු බැවිනි
විද්‍යුතය ඉළෙක්ට්‍රෙණික විද්‍යාව වැනි කොටස් සම්බන්ධව ඔවුනගේ දැනුම කුසලතා බෙහෙවින් අඩුය
ඉළෙක්ට්‍රොණික විද්‍යාව පරිපථ සකස් කිරීම් ආදී සමහර කටයුතු වලදී පන්තියේ සමහර ශිෂ්‍යයින් ඉදිරිපත්ව ගුරුවරයාට එය කරදෙන අවස්ථා ඇත
තමන්ගේ නොහැකියා තමන්ටම තේරුම්ගොස් ඇති බැවින් ජීව විද්‍යා විෂය දැනුමෙන් බලවත්ව සිටින වර්තමාන බොහෝ
විද්‍යා ගුරුවරුන් කරන්නේ භෞතික විද්‍යාව කොටස් නොසැලකිලිමත්ව කරමින් එම කොටස් අඩුපාඩු සහිතව අවසන්කර දැමිමයි

මෙයින් සිදුවන්නේ සිසුන් ටියුෂන් අධ්‍යාපනයට යොමුවීමයි  
විශේෂයෙන් විද්‍යුතය සහ ඉළෙක්ට්‍රොණික විද්‍යාව සම්බන්ධ කොටස් ඔවුන් විසින් හරියාකාරව උගන්වන්නේ නැත
විදයාව පෙලපොත්ද එසේය පෙළපොත්වල ඇති බොහෝ ඉළෙක්ට්‍රොනික පරිපථ වැඩ නොකරන ඒවාය
මේ නිසා සිසුන්ටවන්නේ බලවත් අසාධාරණයකි

වර්ථමානයේ වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත්තේ එහිදි වෛද්‍ය පරීක්ෂණ වලදී භාවිතා කරන  භෞතික විද්‍යාත්මක උපකරණ නිසාය X කිරණ පරීක්ෂණ C T ස්කෑන් පරීක්ෂණ M R I පරීක්ෂණ E C G පරීක්ෂණ ආදී බොහෝ පරීක්ෂණ
භෞතික විද්‍යා දැණුමෙහි ඇති දියුණුව නිසා ලැබුනු උපකරණයන්ය
එබැවින් භෞතික විද්‍යාත්මක දැණුමක් තිබීම  අද වෛද්‍යවරයෙකුට අත්‍යාවශ්‍යකරුණක්වී ඇත
තත්වය එසේ තිබියදී වර්තමාන විද්‍යා ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් විද්‍යා විෂය ඉගැන්වීමේදී භෞතික විද්‍යාව කොටස අතහැර විද්‍යාව ඉගැන්වීමෙන් ශිෂ්‍යන්ට සිදුවන්නේ බලවත් අසාධාරණයකි
සාමාන්‍යපෙල පන්තිවලදී සිදුවන මෙම අසාධාරණය නිසා ඇතිවන අතුරුඵල උසස්පෙල පන්තියට ඇතුලත්වූවිටම බොහෝ සිසුන්ට දැනෙන්නට වෙයි එයට හේතුව උසස්පෙල පන්තිවලදී ඔවුන්ට  භෞතික විද්‍යාව වෙනම විෂයයක් වශයෙන් ඉගෙන ගන්නාවිට එය ඉගෙන ගන්නට අසීරුකම් ඇතිවීමයි

විද්‍යා ගුරුවරුන් පමණක් නොව වර්තමානයේ සිටින විද්‍යා අධ්‍යක්ෂකවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද ජීව විද්‍යා අංශයෙන් උගත් අයයි
එබැවින් ඔවුන්ද මෙම අඩුපාඩුකම් සකස් කිරීමට නොයයි නොදන්නා දෙයට අත නොගසා සිටිමින් තමුන්ගේ අධ්‍යක්ෂක කමේ ජාම බේරාගෙන ඉන්නා බැවිනි
පෙර කාලයේ සිටි බොහෝ විද්‍යා අධ්‍යක්ෂකවරුන්ද එසේමය ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ජීව විද්‍යා අංශයෙන් උගත් අයයි
එබැවින් ඔවුන්ද වැඩිපුර සොයා බැලුවේ රසායන විද්‍යා ජීව විද්‍යා අංශ සම්බන්ධ වැඩ කටයුතු සම්බන්ධවය
එකල ඔවුන් ගේ ලොකුම කටයුත්තක්වූයේ පාසල් වලට රසායන ද්‍රව්‍ය උපකරණ ආදිය බෙදා දීමය සමහර අයට අධ්‍යාපන කාර්යාලවල ඉඩ පහසුකම් තිබුනේ නැත ඔවුන් ඔවුන්ගේ කාර්යාල පිහිටුවාගෙන සිටියේ වෙනත් පාසලකය නැතහොත් තමන්ගේ ගෙදරය ඔවුන්ගේ සේවස්ථ සැසි වැඩි වශයෙන් යොමු වූයේද රසායන විද්‍යා ජීව විද්‍යා අංශ වලට මිස භෞතික විද්‍යා අංශය සම්බන්ධව නොවේ
ඔවුන්ට අද තරම් මුදල් ප්‍රතිපාදන ලැබෙන්නටද නැතිවා විය හැක

විශ්ව විද්‍යාල විද්‍යා අධ්‍යාපනයද වැඩි වශයෙන් යොමුව පැවතියේ බටහිර රට වලට අවශ්‍ය විද්‍යා උගතුන් බිහිකර දෙන්නටය විද්‍යාඥයින් බිහිකර දෙන්නටය අද වුවත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාලවල විද්‍යා අධ්‍යා අධ්‍යාපනය වැඩි වශයෙන් යොමුව ඇත්තේ ඒ දෙසටය එම තත්වයෙන් බැහැරට යාම ආරම්භ කරන ලද්දේ  විද්‍‍‍්‍යෝදය වැනි විශ්ව විදයාල විසිනි

 පෙර කාලයේ සාමාන්‍යපෙල පන්ති වලදී විද්‍යාව විෂය භෞතික විද්‍යාව රසායන විද්‍යාව  ජීව විද්‍යාව යනුවෙන් විෂයයන් තුනක් ආකාරයෙන් ඉගැන්වූ බැවින් මෙවැනි ගැටලු සහිත තත්වයන් ඇතිවූයේ නැත
එම කාලයේ භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් සැබෑ ලෙසම භෞතික විද්‍යාව විෂයය දන්නා තැනැත්තෙක් විය
එබැවින් අඩුපාඩු නැතිව එහි ඇති  රසවත්භාවය නොනසා එහි ඇති රසවත්භාවය මතු කරමින් හුන්වාදෙමින්  විෂය සම්බන්ධව රුචිය ඇතිවන අයුරින් අවශ්‍ය දැණුම කුසලතා ආකල්ප ලබාදෙමින් නිසියාකාරව එම විෂය උගන්වන්නට ඔවුන්ට හැකිවිය

සේවස්ථ සැසි පැවැත්වීමෙන් මෙම තත්වය වෙනස්කල හැක්කේ නොවේදැයි කෙනෙකුට සිතෙනනට පුලුවන
නමුත් ඒ සම්බන්ධව දියහැකි උත්තරයවන්නේ එසේ කලහැක්කේ සුලු වශයෙන් පමණක් බවයි
එයට හේතුව මෙම ජීව විද්‍යා ගුරුවරුන් වැඩි දෙනෙකුට කෙසේවත් භෞතික විද්‍යාව කොටස සම්බන්ධව අවශ්‍ය නිපුනතා ඇති නොවීමයි ඔවුන්ගේ ජානවල ඇත්තේ ජීව විද්‍යා රුචිය පමණක්මෙන් වීමයි
මෙයට විසමක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ වර්තමානයේ පවත්වන දින දෙක තුනේ සේවස්ථ සැසි පැවැත්වීම නොව අඩු තරමින් මාසයකවත් භෞතික විද්‍යාව විෂය සම්බන්ධ  ප්‍රායෝගික පුහුණුවක් ඔවුන්ට ලබාදීමයි
නමුත් වර්ථමානයේ එවැනි වැඩ පිලිවෙලක් අධ්‍යාපන දෙපාර්ථමේන්තුවේ නැත

තවත් විසුමක් වශයෙන් ඉදිරිපත් කල හැක්කේ විද්‍යා ගුරු පුහුණු පාඨමාලාවලදී භෞතික විද්‍යාව සම්බන්ධ කොටස් වලින් සමත්වීම අනිවාර්යය කිරීමයි

එසේ නැතහොත් කලයුත්තේ ගුරුවරුන් බවා ගැනීමේදී විෂයය දැණුම සම්බන්ධවද අවධානය යොමුකර විද්‍යා ගුරුවරුන් බවා ගැනීමයි අවශ්‍යතාවය අනුව භෞතික විද්‍යාව සම්බන්ධ දැණුවත් ගුරුවරුන් පිරිසක්ද බවා ගැනීමයි
එවිට පාසලේදී මාරුකරගෙන එම විෂය කොටස් ඉගැනවීමට හැකිවන බැවිනි

එමෙන්ම වර්ථමානයේ ඇති බලවත්ම ප්‍රශ්ණයක්වන්නේ විදුලි ශිල්පය ඉළෙක්ට්‍රොණික විද්‍යාව වැනි විෂය කොටස් ඉගැන්වීමට හැකි සම්පත් පුද්ගලයින් හිගවීමයි
පෙර කාලයේ ජාතික අධ්‍යාපන ආයතනය වැනි තැන්වල එවැනි අය සිටියත් අද එම ආයතන පවා ඉන් බැහැරව සිටියි ඔවුන්ට ඒ සහා මුදල් වෙන් නොවන බැවිනි

සැමට විද්‍යාව නමට විද්‍යාව වී ඇත

මේ බොහෝ ප්‍රශ්ණ වලට අද ශිෂ්‍යයන්ට ඇති පිහිට උපකාර පන්ති පවත්වන ගුරුවරුන්ය
අද විද්‍යා අධ්‍යාපනයේ ගුණාත්මකබව මෙතරමින්වත් රා පැවතී ඇත්තේ  පාසල් අධ්‍යාපනයේ ඇති දියුණුවක් නිසා නොව මුදලට උපකාරක පන්ති පවත්වන සමහර දක්ෂ විද්‍යා ගුරුවරුන්ගේ උපකාරක පන්ති නිසාය


එබැවින් හො විභාග ප්‍රතිඵල ලබන්නේ එම පන්ති වලට යන සිසුසිසුවියන්ය
අඩු ආදයම්ලාභි ශිෂ්‍යශිෂ්යාවන්ට දුෂ්කර පලාත්වල ශිෂ්‍යශිෂ්යාවන්ට එම පන්ති වලට යාමට හැකියාව අඩුය
එය රටේ අඩු ආදායම්ලාභි ශිෂ්‍යශිෂයාවන්ට නිදහස් අධ්‍යාපනයට සිදුවන බලවත් අසාධාරණයකි

එබැවින් වර්තමාන රජයේ පාසල්වල සාමාන්‍යපෙල පන්තිවල සිටම වඩාත් ගුණාත්මක විද්‍යා අධ්‍යාපනයක් ලබාදීම අත්‍යාවශ්‍යව ඇත

Tuesday, September 17, 2019

දූෂිත දේශපාලනයෙන් මිදීමට කලයුත්තේ කුමක්ද








අද මැරබලය නැති ධන බලය නැති කෙනෙකුට ඡන්දයට ඉදිරිපත් විය නොහැක  
ඉදිරිපත්වුවත්  දිනිය නොහැක

වර්තමානයේ බොහෝදෙනෙකු කියන කථාවක් වන්නේ අපේරටේ දේශපාලන අය ඉතා අයහපත් බවයි එයට විසදුමක් වශයෙන් ඔවුන් කරන්නේ ඊලඟ ඡන්දයේදී වෙනත් දේශපාලන අයෙකුට ඡන්දය දීමයි  නමුත් කිසිදු විසඳුමක් ඉන් ලබන්නේ නැත

මෙයට විසඳුම වරින්වර අයහපත් දේශපාලන අය මාරුකිරීම පමණක් නොවන බව අපගේ ඡන්දදායකයින් බොහෝදෙනෙකු තවම තේරුම්ගෙන නැත 

දේශපාලන අය අයහපත්වී ඇත්තේ අපේ රටේ ඔවුන්ට ඇති අසීමිත බලතල සහ වරප්‍රසාද නිසාවෙයි පත්වීම් මාරුවීම්  කොන්තරාත් බලපත්‍රලබාදීම් ආදී සෑමදෙයකටම ඔවුන්ගේ නිර්දේශය අවශ්‍යව ඇත  එය අවශ්‍යවන ආකාරයට පද්ධතිය සකස්කර ඇත 
දේශපාලන අය යහපත් කල හැක්කේ කලහැක්කේ මෙම අසීමිත බලතල ඔවුන්ගෙන් ඉවත් කිරීමෙනි ඔවුන් ප්‍රතිපත්ති සැපයීම ඇතුලු බලතල පමණක් ලබාදීමෙනි 

 නමුත් මෙය කිරීමටහැක්කේ කෙසේද මෙය කලහැක්කේ දේශපාලන බලය සහිත අයට පමණි වර්තමාන තත්වය යටතේ කව්රුන් විසින් මෙය කරාවිදැයි සිතන්නට නොහැකිය මෙය කල සැනින් දැන් රටේ පවතින දූෂිත දේශපාලනය බොහෝ දුරට අවසන්ව රට දියුණ්වට පත්වනු ඇත

මෙය කලහැක්කේ කෙසේද 


Monday, September 2, 2019

දඹදිව වන්දනා








දඹදිව චාරිකා 

ඉස්සර කාලේ අපේරටේ මිනිස්සු ඉන්දියාවට කෝච්චියෙන් ගියේය 1958 දී කොළඹ කොටුවේ සිට ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා ගාස්තුව රුපියල් 78 ක් බවත් කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම ජැටියතෙක් රුපියල් 58 ක් බවත් එතැන් සිට දුම් නැවෙන් රාමේශ්වරම් දක්වා ගමනට රුපියල් 20 ක් බවත් මුලු ගමනටම රුපියල් 78 ක් බවත් ධර්මසිර් ගමගේ මහතා ඔහුගේ චාරිකා පොතෙහි ලියා දක්වා ඇත
ඔරුවක් පැදගෙන ඉන්දියාවට ගොස් චිත්‍රපටි බලා ආ අය ගැනද අසන්නට ලැබී ඇත

අද තත්වය එයට වෙනස්ය එනමුත් දඹදිව වන්දනා චාරිකා සහා ඉන්දියාවට යන පිරිස සුලුපටු නැත අද ඔවුන්ට නැවෙන් ඉන්දියාවට යන්නට පිළිවෙලක් නැත දුම්රියෙන් යන්නට පිළිවෙලක් නැත දඹදිව වන්දනා චාරිකා සංවිධායකයෝ රටපුරා සිටිති දඹදිව යායුත්තේ ඔවුන්ගේ සහායෙනි ඔවුන් වැඩිදෙනෙක් හොඳින් කතාබහ කරන හො පෙනුමැති අයය 

මෙම වන්දනා ගමනේ යන බොහෝ අය හැටවන විය ඉක්මවූ වියපත් අයයි එය ඔවුන්බොහෝ දෙනෙකුගේ ගේ පලමුවැනි ගුවන් ගමනයි පලමුවෙනි පිටරට ගමනයි නෑදෑ හිතමිතුරන්ගෙන් සමුගන්නා ආකාරය දුටුවිට සමහරවිට සිනහ උපදවයි දුක උපදවයි සමුදෙන ආකාරය දුටුවිට සමහරවිට සිනහ උපදවයි දුක උපදවයි ගුවනින් යාමට බය අය රාශියකි සමහරවිට එය ඔවුන්ගේ පරම්පරවේ කෙනෙක් ගුවනින් යන පළමු ගමනයි

අපරාදේ කියන්නට නොහැක යාමට අවශ්‍ය බොහෝ දෑ සංවිධායකයින් විසින් කරදෙනු ලබයි පාස්පෝට් සදාදීම අවශ්‍ය උපදෙස්දීම ආදි සියලු දේ මුදල් ලබාදුන් සැනින් නොපමාව කරදෙනු ලබයි සමහර අය ගමන් බෑග් ආදියද සපයයි සියල්ලම උසස් තත්වයෙන් ලබාදෙනබව පැහැදිලි කරනු ලබයි වෛද්‍ය පහසුකම් ඇත වෛද්‍යවරුන්ද හෙදියන්ද ගමනට සහභාගීවේ වායු සමනය කරන ලද ලොකු බස්ය නතරවීමට තරුපන්තියේ හො හෝටල්ය වායු සමනය කරනලද කාමරය 

මෙම නඩ වලට බොහෝ අය එක්වෙන්නේ අවුරුදු ගණණාවක් තිස්සේ උපයාගත් මුදලිනි මෙම චාරිකා සහා බොහෝවිට සම්බන්ධවන්නේ අපේ රටේ දුප්පත් ජනතාවයි එක් වරක් හෝ වන්දනීය වූ සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූ ස්ථානය බුද්ධත්වයට පත්වූ ස්ථානය දහම් දෙසූ ස්ථානය පිරිනිවන් පෑ ස්ථානය වැපුදා ගැනීම ඔවුන්ගේ ජීවිත සිහිනයකි එය ඉටුකර දමට එන චාරිකා සංවිධායකයන් ඔවුන් සලකන්නේ තමන්ගේ චාරිකා සිහිනය ඉටුකිරීමට පැමිණෙන ඉටු දෙවියෙකු ලෙසටය

  නමුත් සියලු අවශ්‍යතා සපුරාගෙන ඉන්දියාවට ගියවිට බොහෝ අයට අත්විින්නට සිදුවන්නේ එයට වෙනස් අත්දැකීම්ය නතරවෙන්නට ලැබෙන්නේ මිල අඩු අපිරිසිදු හෝටල්වලය කාමර වල එයාර් කන්ඩිෂන් යන්ත්‍ර ඇතත් ඒවා ක්‍රියාකරන්නේ නැත කොයිදෙයකටත් ඉන්නේ චාරිකා සංවිධායකයා සහ ඔහු සමග යන ස්ත්‍රීන්ය දොස්තරද හෙදියන්ද ඔවුන්ය පිරිකර සහා එකතුකරගත් මුදලට ලැබෙන පිරිකර හරි නැත සමහරවිට පොරොන්දුවූ තැන් වලට යන්නේ නැත මුලු ගමනම සිදුවන්නේ ඔවුන්ගේ අභිමතය අනුවය එනමුත් මොනවා වුනත් කිසිවෙක් එයට එරෙහිව කතාවටයන්නේ නැත නුපුරුදු දේශයකි නොදන්නා පලාතකි නොදන්නා භාෂාවකි ඉන්දියාවේදී ඔවුන්ට උදව්වට චාරිකා සංවිධායක හැර වෙන කෙනෙක් නැති බැවිනි

ඉන්දියාවට යාමට නැවත් දුම්රියමග හදන්නේ නම් නැවත නැව් මගින් ඉන්දියාවට යාමට හැකි පහසුකම් ඇතිකරන්නේ නම් අපේරටේ දුප්පත් මිනිසුන් රවටමින් ඔවුන්ගේ මුදල් වංචාකරගන්නා මෙම වන්දනා චාරිකා කාරයන්ගෙන්තරමක් දුරට හෝ චාරාකාවේ යන්නන් පීඩාවට පත්වීම වළක්වාගත හැකිවනු ඇත

චාරිකාව ගොස් පැමිනි ඔවුන් බොහෝදෙනෙකු කියන කතාවක් ඇත එයනම් ආයෙත් මම දන්නකෙනෙකුට ඔවුන් එක්කනම් යන්න දෙන්නේ නැහැ යන්නයි නමුත් එයින් ඇති ප්‍රයෝජනයක් නැත ඊළග චාරිකාව යාමට තවත් එවැනිම පිරිසක් එක් රැස්වී ඇති බැවිනි


Thursday, June 27, 2019

මීරිගම බුද්ධ භාවනා වැඩසටහනේ මොනවද කියාදෙන්නෙ




මීරිගම පරම නිබ්බාන ධර්මායතනයෙ බුද්ධ භාවනා වැඩ සටහනේ මොනවද කියා දෙන්නෙ‍ 

බුද්ධ ශාසනයෙ කොටස් තුනක් තියනව
  1 පර්යාප්ති ශාසනය
  2 ප්රතිපත්ති ශාසනය
  3 ප්රතිවේධ ශාසනය
පර්යාප්ති ශාසනය කියන්නෙ නිවන් මග පර්යාප්ති ශසනයේ පිහිටියොත් තමයි ප්රතිපත්ති ශාසනය පුරන්න පුලුවන් වෙන්නෙ 
ප්රතිපත්ති ශාසනය කියන්නෙ ඒ නිවන් මග අනුගමනය කිරීම
ප්රතිවේධ ශාසනය කියන්නෙ පර්යාප්ත ශාසනය අනුගමනය කරමින් ප්රතිපත්ති ශාසනය පුරනවිට ලැබෙන  ඵල  
මේ භාවනා වැඩ සටහනේ අතිගරු මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ දේශණා කරන්නෙ  පර්යාප්ති ශාසනය
පර්යාප්ති ශාසනය කියන්නෙ නිවන් දකින්න මග නිවන් දකින්න අනුගමනය කලයුතු ක්රමවේදය

 පර්යාප්ති ශාසනය කොටස් පහකට බෙදෙනව

1 මූල පරියාය
2 ධම්ම පරියාය
3 ආසව පරියාය
4 නිබ්බේදික පරියාය
5 අනුධම්ම පරියාය

අතිගරු මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ මේ දවස් හතේ මේ ධම්ම පරියාය පහ විස්තර කරමින් ධර්මදේශණා කරනව

මුල් දවස්වල දේශණා කරන්නෙ මූල පරියාය මූල පරියාය ගැඹුරු දේශණාවක් ඒක දැනගන්න මූලික කරුණු දැනගෙන ඉන්න ඕන ඒ සහා උන්වහන්සේ ලියල තියන පොත්පත් කියවල සංදේශණාව තිපරිවට්ටය ද්වතාවය පින කුසලය චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය සම්බන්ධව මූලික කරුණු දැනගෙන තියෙන්න ඕන නැත්නම් නිකං හෝඩිය නොදැන ලිපි ලියන්න ගියාවගේ වෙන්න පුලුවන් හැබැයි එහෙම අයත් එනව ඇවිත් බණ ඉගෙන ගන්නව

ඊළට උන්වහන්සේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්රය ආදී සූත්ර විස්තර කරමින් ධම්ම පරියාය කියල දෙනව

ඊළට උන්වහන්සේ සබ්බාසව සංවර පරියාය ආසව පරියාය කියල දෙනව

ඊළට උන්වහන්සේ ගිරිමානන්ද සූත්රය සත්තට්ඨාන කුසල සූත්රය වගේ සූත්ර විස්තර කරමින් නිබ්බේදික පරියාය කියල දෙනව

ඊළට උන්වහන්සේ අනුධම්ම සූත්ර හතර සහ අනත්ත ලක්ඛණ සූත්ර වගේ සූත්ර විස්තර කරමින් අනුධම්ම පරියාය කියල දෙනව

හාමුදුරුවරු මෙහෙණින්වහන්සේලා විවිධ උගත්තු දොස්තරල ඇතුලු දෙස් විදෙස් මහ පිරිසක් මේ එක් භාවනා වැඩසටහනකට සහභාගි වෙනව
ඒ හැමෝටම නොමිලෙ තුන්වේලටම කන්න දෙනව පිරිසිදු පරිසරයක ඉන්න දෙනව නිදාගන්න ඇන් දෙනව අනිත් වැඩිපුර එන අයට මෙට්ට දෙනව පිරිසිදු ජල වැසිකිලි පහසුකම් තියනව අවශ්‍යවුනොත් අවශ්‍ය වෛද්‍ය ප්රතිකාර කරනව අනවශ්‍ය නීතිරීති නැහැ එරමිණිය ගොතාගෙන වාඩි කරවල භාවනා කරවන්නෙ නැහැ පුටුවල වාඩිවෙලා සුවපහසුව බණ අහන්න පහසුකම් සලස්සල තියනව නිවැරදිව බුද්ධ භාවනා කරන්න අවශ්‍ය බණ කියල දෙනව බණ දැනගෙන භාවනා කරන එක තමන්ගෙ වැඩක් ධර්ම කරුණු ගැන අහන ඕනෑම ප්රශ්ණයකට පිළිතුරු දෙනව අව්රුදු ගණන් එක එක භාවනා මධ්‍යස්ථානවල භාවනා කරපු අය ඇවිත් ප්රශ්ණ අහල හරි උත්තර ලබාගෙන වැ නමස්කාර කරනව ස්ථනය දුරකථන අංක 0727012240 , 0774503700
ගෙදර ඉන් සී ඩී ඇහුවට පොත් කියෙව්වට ඉන්ටර්නෙට් එකේ බණ ඇහුවට මේ පුහුණුව ලැබෙන්නෙ නැහැ බණ අහල පැහැදෙන හුගක් අය වැඩ සටහනට ආධාර උපකාර කරනව 

මේක තමයි අද ලෝකයේ තියන හොම බුද්ධ භාවනා වැඩ සටහන සැබෑ බෞද්ධයෙක් මොන වැඩේ තිබුනත් එක සැරයක්වත් මේ වැඩසටහනට නොයා ඉන්නෙ නැහැ


Saturday, June 15, 2019

මානසික රෝග - රූපවාහිනී වැඩසටහනක ප්චාරය වූ කරුණු ඇසුරෙනි





මානසික රෝග - රූපවාහිනී වැඩසටහනක ප්රචාරය වූ කරුණු ඇසුරිනි 

මානසික රෝග යනු ඉතා දුක්ඛිත රෝග තත්වයක්වෙයි එය එම රෝගියාට මෙන්ම එම රෝගියාගේ පවුලට මෙන්ම සමාජ ශ්රම ක්රියාකාරිත්වයට අයහපත් බලපෑම් ඇතිකරයි මානසික රෝග සැදෙන්නේ ඇයි යන ප්රශ්ණයට විවිධ විද්වතුන් විසින්  විවිධ පිළිතුරු ඉදිරිපත්කර ඇත සමහර අය දක්වා ඇත්තේ මානසික රෝග සෑදීමට ජීවත්වීමට ලැබෙන පරිසරයේ අයහපත්බව බලපාන බවය තවත් අය දක්වා ඇත්තේ  එම රෝග වලට පරම්පරාවේ ජාන වල සම්බන්ධයක් ඇති බවය සිග්මන් ප්රොයිඩ් වැනි අය දක්වා ඇත්තේ යටිසිතේ තැන්පත්වූ තමන් නොදන්නා වැරදි පිලිගැනීමක් අහේතුක බියක් වැනිදේ නිසා මානසික රෝග සැදෙන බවය සිතේ සැගව ඇති අයහපත් ආවේගයන් ද මානසික රෝග සැදීමට දායකවන බවය කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කර ඇති සංසාර මන්දිර පොතේ සදහන්ව ඇති  එඩ්ගාර් කේසිගේ අතීත ජන්ම කියවීම්වල ඇතැම් අයගේ අතීත ජන්මවල සමහර සිදුවීම්ද සමහර මානසික රෝග සදහා බලපා ඇතිබව දක්වා ඇත එය බුද්ධධර්මයටද එකගය 

මේ අනුව පෙනීයන්නේ මානසික රෝග සැදෙන්නේ හේතුරාශියක් හේතුවීමෙන් බවය
මානසික රෝගය සිතේ ඇතිවුනිද එය පසුව කායික රෝගයක්බවට පත්වේ එය මොලය සම්බන්ධ ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගයක්බවට පත්වේ මොලයේ ක්රියාකාරිත්වය ස්නායු පද්ධතියේ ක්රියාකාර්ත්වය නිසිපරිදි සිදුනොවීමේ කායික රෝගී තත්වයක් බවට පත්වේ එහිදී මොලයේ සහ ස්නායු පද්ධතියේ ඇති රසායන ක්රියාකාරිත්වයේ වෙනස්කම් ඇතිවේ එය කායික රෝග තත්වයකි

එබැවින් මුල් රෝගය මානසික රෝගයක් වුවත් මානසික රෝග වෛද්‍යවරුන් විසින් බෙහෙත් දෙනු ලබන්නේ මානසික රෝගය නිසා ඇතිව ඇති කායික රෝගයටය එම බෙහෙත් වර්ග ලබාදෙමින් කරනු ලබන්නේ මොලයේ ක්රියාකාරිත්වය නිසිපරිදි ක්රියාකිරීමට  කටයුතු කිරීමයි  ස්නායු පද්ධතියේ ක්රියාකාරිත්වය නිසිපරිදි ක්රමවත්ව සිදුවීමට අවශය රසායනික බෙහෙත් වර්ග ආදිය ලබාදීමයි 

එම බෙහෙත් වර්ග පාවිච්චි කරනවිට මානසික රෝගයේ කායික රෝගය සුවවෙන්නට වෙයි එවිට මානසික රෝගය සැදීමට හේතුවී තිබුනේ යටිසිතේ තැන්පත්වූ වැරදි පිලිගැනීමක් අහේතුක බියක් වැනි හේතුවක්නිසා නම් එය රෝගියාට අනාවරණය වී එම වැරදි  නිවැරදි කරගැනීමටත් එම අහේතුක බිය ඉවත්කර ගන්නටත් ඉඩ ලැබෙයි 

මානසික රෝගය ඇතිව ඇත්තේ මොලයේ හෝ ස්නායු පද්ධතියේ හෝ යම් අක්රමවත් රසායනික වෙනස් කමක් සිදුවන බැවින් නම් එම අක්රමවත් ක්රියාකාරිත්වය වලකා එම කායික පද්ධතීන්  නිසිපරිදි ක්රියාත්මක සිදුවීම සදහා හේතුවන බෙහෙත් වර්ග පාවිච්චි කරනවිට එම කායික රෝගී තත්වය සුවවෙනවිට රෝගියාගේ මානසික රෝගයද සමනයට පත්වෙයි
මෙහිදී සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් ප්රතිකාර ගැනීම අවශ්‍යවෙයි රෝග සුවයට නිසි බෙහෙත් වර්ගය නිසි මාත්රාවෙන් ගැනීම අවශ්‍යවෙයි 

කායික රෝගය සුවයට පත්වනවිට ඒ සමගම වැරදි මිථ්‍යා කරුණු වලින් ඉවත්වීමට අවශ්‍ය නිවැරදි කරුණු ඉගෙනීම ආදිය අවශය වෙයි ලැබෙතහොත් බුද්ධිමත් උපදේශණය ප්රෝජනවත්වෙයි එසේ කටයුතු කරනවිට මානසික රෝගය සහ කායික රෝගය  සුවයට පත්වෙයි 

මෙහිදී වැදගත් වන්නේ මානසික රෝගයෙන් පෙලෙන තැනැත්තෙකු මානසිකරෝගයකින් මෙන්ම එයනිසා ඇතිවූ කායික රෝගයකින්ද පෙලෙන තැනැත්තකු බව තේරුම් ගැනීමය මෙය එම මානසික රෝගයෙන් පෙලෙන තැනැත්තාමෙන්ම එම තැනැත්තා ආශ්රිතයන් අවට සිටින්නන් විසින්ද තේරුම් ගැනීම අවශ්‍යවෙයි මානසික රෝගය සුවකර ගැනීම සදහා එහි කායික රෝගය සුවකර ගැනීම සදහා බෙහෙත් ගතයුතුවෙයි තමන්  අයහපත් චර්යාවක යෙදෙමින් සිටින්නේ නම් එයින් ඉවත්ව යහපත් දිවිපෙවතක් ගතකිරීමට යොමුවීම අවශ්‍යවෙ තමන් වෙත ඇති වැරදි විශ්වාස ආදියෙන් ඉවත්වීමට අවශ්‍ය නිසි අධ්‍යාපනය තවදුරටත් ලැබිය යුතුවෙයි