Thursday, August 31, 2017

නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම

නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම
76 - සිට උසස්පෙල භෞතික විද්‍යාව උපගුරු
94 සිට 99 දක්වා 1 ශ්රේණියේ විදුහල්පති
99 සිට 2010 දක්වා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක
සියලු තනතුරු රජයේ තරග විභාග සමත්වීමෙන්
අධ්‍යාපනය හිතපු විදිහට දියුණු කරන්න පුලුවන් වුනාද
නැහැ
ප්රදාන හේතුව මොකක්ද
තියෙන ආකෘතියට අනුව ඉන්නට සිදුවීම
ඉහළින් ඉන්න අය වැඩිදෙනෙක් කවදාවත් ඉස්කෝලෙක උගන්නල තියන අය නොවීම අධ්‍යාපනය ගැන නොදන්න ආයතන සංග්රහයට වැද වැද ඉන්න රාජ්‍ය පරිපාලන සේවයෙ අයවීම උපාධි විතරක් තියන අයවීම අධ්‍යාපනය ගැන නොදන්න ඇමතිල සතුටු කරන්න හදනඅය වීම පිටරටවල ආකාරයන් මෙහෙ කරන්න හදන පිටරටවල්ම අගය කරන අයවීම ආදිය ඒ අය කියනවැඩ කරන්නවීම
එම ආකෘතිය වෙනස් කරන්න බලයක් නැතිවීම
ඡන්දෙ ගන්න මිනිස්සු රවට්ට ගන්න නිදහස් අධ්‍යාපනය පවත්තගෙන යනව මිසක් ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් රටේ උසස් සමාජයේ අයට නොතිබීම
අදටත් ඒක එහෙමම තමයි අදනම් හුගක් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුනුත්
කවදාවත් ඉස්කෝලෙක උගන්නල නැති අය විවෘත විභාගයෙන් ආපු අය
තනතුර අධ්‍යක්ෂ වුනාට ඒ අය ඉන්නෙ ගුරුවරුන්ට බයෙන් කාර්යාලෙ ලිපිකරුවන්ට බයෙන් ඒ අයට හරියාකාරව පලපුරුදු ගුරුවරයෙකුට කතා කරන්නවත් බැහැ විෂයය කරුණු සම්බන්ධව කථා කලොත් ඉතින් ඹය වැඩිපුර නිවාඩු ගන්නෙ මොකද වගේ කාරණයක් ගැන තමයි දෙන උපදෙසුත් හරියට අර ලමයි හම්බුවෙලා නැති අය ලමයි හම්බුවෙන අයට ලමයි හම්බුවෙනහැටි ගැන කියල දෙන උපදෙස් වගේ ගැලපෙන්නෙ නැතිලු


හොදයි බලය ලැබුනොත් මොනවද මුලින්ම කරන්නෙ
1 අටෙන් ඉහළ සියලුම පන්ති වලට හවස් වරුවෙ හොද වෘත්තීය අධ්‍යාපනයක් ඇති කරනව
ඒ සදහා වෙනම තාක්ෂණික ගුරු මණ්ඩල ඇති කරනව
2 රටේ සියලුම පාසල් ලමුන්ට 1 වසරෙ ඉදල සිංහල උගන්නන්න කටයුතු කරනව සියලුම
ලමයින්ට 1 වසරෙ ඉදල 13 වසර දක්වාම සැබෑ බුද්ධ ධර්මය උගන්නන්න කටයුතු
කරනව බුද්ධ ධර්මය විෂය උගන්නන කාලය සතියට කාල පරිච්ඡේද පහක් කරනව
3 රජයේ සියලු රැකියා සදහා අපොස සිංහල බුද්ධ ධර්මය සමත්වීම අනිවාර්ය කරනව
4 සියලුම පාසල් මිශ්ර පාසල් කරනව
5 සියලුම සමාගම් පාසල් අවලංගු කරනව
6 ආර්ථික දුෂ්කරතා ඇති ලමුන්ට ආධාර වැඩ පිළිවෙලක් ඇති කරනව
7 උසස්පෙල පන්ති වලට උසස්පෙල පමණක් වෙනම පාසල් ඇති කරනව
8 උසස්පෙල විභාගය සිංහල මාධ්‍ය පමණක් කරනව
9 සියලුම අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු අව්රුදු තුනකට වරක් අව්රුද්දක් උපගුරු කරනව
10 සියලුම විෂය අධ්‍යක්ෂවරු ගුරුවරු තමන්ගෙ විෂයට අදාලව අපොස විභාග වලට
පෙනී සිටින්නට සලස්වනව අසමත්වන අයට වැටුප් වර්ධක නතර කරනව
11 ගුරුවරයෙක් වශයෙන් අව්රුදු පහක සේවා කාලයක් තිබීම
අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ සියලු පරිපාලන තනතුරු සදහා අනිවාර්ය කරනව
12 පාසල්වල සිටින ගුරුවරුන්ට අමතරව එදිනෙදා සේවා අවශ්‍යතාවය අනුව සේවයේ
යොදවන අමතර ගුරුපිරිසක් ඇති කරනව
තව හුගක් වැඩ තියනව කරන්න
මේකෙ තියන සමහර ඒව ප්රජාතන්තරවාදෙට විරුද්ධයිනෙ ප්රජාතන්තරවාදෙන් රටක ඹක්කොම ප්රස්න විසදන්න බැහැ ප්රජාතන්තරවාදයට අර්ථකථනයක් තියනව ප්රජාතන්තරවාදය යනු බූරුවන් විසින් තම පාලනය නරින්ට භාර දීමක් වැනිය කියල

Saturday, August 26, 2017

නුවර හෝටලය - හිගුරක්ගොඩ

 නුවර හෝටලය - හිගුරක්ගොඩ
මතුගම කලාපයේ විදුහල්පතිවරුන්ගෙන් 1994 අධ්‍යාපන පරිපාලන විභාගය සමත්වුනේ මම විතරයි පත්වීම ලැබුනේ හිගුරක්ගොඩ ට ඉතින් මම එහේ විද්‍යා අධ්‍යක්ෂ ගිය අලුත ටික කාලයක් වික්ටර් අයියලගෙ ගෙදර නතරවුනා පස්සෙ ඉස්කෝලෙක ගුරු නිවාසයක නතරවුනා ඹින තරම් ගුරු නිවාස තියනව අහන පරක්කුවෙන් ගන්න පුලුවන්වුනා ඉතින් මම ඒකෙ නතරවෙලා රජකාරි කටයුතු කලා හුගක් දවස්වලට දවල්ට කෑවෙ හිගුරක්ගොඩ නුවර හෝටලය කියන කඩෙන් කෑම කොචිචර හොදද කියනවනම් අදටත් නම මතකයි   

Wednesday, August 23, 2017

සං දේශණාව

සං දේශනාව බුදුරජානන්වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී විවිධ දේශනාවන්හි දේශනා කර ඇති
ඉතා උතුම් බුද්ධ දේශනාවකි
අනේක ජාති සං සාරං - සං දා විස් සං අනිබ්බි සං ගාථාවේ සං යන පදය හත් වාරයක් අඩංගුව ඇත
සං සාර සාරෝඝ විණීත ණී සං ආදී ගථා තුනෙහි සං යන පදය විසි හතර වාරයක් අඩංගුව ඇත
සං යන වචනයේ තේරුම එකතු කිරීම රැස් කිරීම යනුයි
සං සාර ගමන යනු මුලාවීමෙන් නොවටිනා අසාර දේවල් සාරයි ශූභයි යනුවෙන් එකතුකරමින් යන ගමනයි
සද්ධර්මය තේරුමි ගැනීමට සංදේශණාව ධර්මය තේරුමිගෙන තිබීම අවශ්‍යය

සිංහල රාජ්‍යත්වයේ උරුමය

සිංහල ද්වීපය රාජ්‍යත්වයේ උරුමය
සිංහල රාජ්‍යය කීපවාරයක්ම බුද්ධ ශාසනයට පූජාකර ඇත්තේය
1 දෙවන පෑතිස් රජ කි පූ 250 - 210 ලක් රජය ශ්රී මහා බොධියට පූජා කර ඇත්තේය
2 දුටු ගැමුණු රජ කි පූ 161 - 137 පස් වාරයක් ලංකා රාජ්‍යය බුද්ධ ශාසනයට පූජා කර ඇත්තේය
3 සිරිමෙවන් රජ කි ව 303 - 331 ලංකා රාජ්‍යය ශ්රී දළදා වහන්සේට පූජා කර ඇත්තේය
4 පලමුවන මුගලන් රජ කි ව 495 - 512 සොහොයුරු කාශ්‍යප පරදවා ලංකා රාජ්‍යය සංකේතය වූ ධවල ඡත්රය මහා සංඝයාට පූජාකර ඇත සංඝයා වහන්සේ විසින් එය නැවත රජු වෙත දී ඇත
5 දෙවන අග්බෝ රජ කි ව 608 - 618 ථූපාරාමය පිළිසකර කර ලංකා ද්වීපය එම ථූපයට පූජාකර ඇත
මේ අනුව ලංකා ද්වීපය සිංහල ද්වීපය ධර්ම ද්වීපය වන්නේය
රාජ්‍යය උරුමය ඇත්තේ බුද්ධ ශාසනයට වන්නේය

නව රජයක්

නවීන ලෝකයේ රාජාණ්ඩු ක්රමය අසාර්ථකයි හොද රජවරු සොයා ගැනීමට අපහසු නිසා සමාජවාදී ක්රමය අසාර්ථකයි සැබෑ මිනිස් ස්වභාවය පුද්ගලික අයිතියට කැමතිබව නිසා ප්රජාතන්ත්ර ක්රමය ප්රශ්ණ සහගතයි අඩුපාඩු සහිතයි නමුත් තියාගෙන ඉන්නවා වෙන ක්රමයක් නැති නිසා දෙමුහුන් ආංඩුවක් හැදුවොත් නරකද පක්ෂපාට නැති විද්වත් සභාවකුත් මුහු කරගෙන

උඩකැන්දවල සිරි සරණංකර හිමි

පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි
- 1902 - 1966
1902 - 01- 07 උපන් දිනය ගිහිනම රං බණ්ඩා ගම හිරියාල උඩකැන්දවල
1916 පැවිදිවීම
1921 අප්රේල් - ධර්ම ප්චාරය සදහා අනගාරික ධර්මපාලතුමා සමග ඉන්දියාවට යාම
1921 - ශාන්ති නිකේතනයට ඇතුලුවීම එහි ඉගෙනුම ලබන අතරේ ලංකාවෙි පුවත්පත්වලට දේශාණුරාගී ලිපි සැපයීම
1930 - ලංකාවට පැමිණ ලක්වැසියන්ගේ පරගැතිභාවය දුරු කිරීමට අපේගම පොත ලිවීම
1931 - ලන්ඩන් මැට්රික්‍යුෙලේෂන් විභාගය සමත්වීම
1932 - ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් සිර භාරයට පත්වීම වසර හතරක් සිරකර තැබීම අදුරු කාමරයක සිරකර තැබීම නිසා ඇස් දුර්වලවීම බැරිබැරි රෝගයෙන් පෙලීම
1936 - සිරෙන් නිදහස් කර නැවත ඉන්දියාවට නොඑන ලෙස අණකර ලංකාවට එවීම
1936 - ලංකා සමසමාජ පක්ෂය සමග එක්වීම
1937 - සමසමාජ ක්රමය ලංකාවට වුවමනා මන්ද පොත ලිවීම
1942 - මහරජුට අපහාස කිරීම සහ ලංකාවේ යටත් වැසියන් නොමග යැවීම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම වසර දෙකක් සිරභාරයේ සිටීම සිරභාරයේ සිටින කාලයේදීත් චීවරය ඉවත්කරන්නට ඉඩ නොදීම
1944 - සිරභාරයෙන් නිදහස්වීම
1957 - ලෙනින් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීම
1966 - අපවත්වීම
මූලාශ්රය - සටනක සටහන් - දයාවංශ ජයකොඩි ප්රකාශණ සමාගම

Sunday, May 22, 2016

නිර්චාණය


                                                         නිර්වාණය
 









                                                     අනුරාධපුර සමාධි බුදු පිළිමවහන්සේ

                                                          නිර්වාණය


                 බුදු දහමෙහි ප්රාදාන අරමුණ ලෙස දැක්වෙන්නේ

                 නිර්වාණය අවබෝධ කරගැනීමයි
                 එම අවබෝධයෙන් සියඵ දුක් කෙළවර වන බැවිනි
                 එය මරණින් පසු අවබෝධවන දෙයක් ලෙස සමහරඋන්ගේ
                 වැරදි මතයක් ඇතත්  එය සමිපූර්ණයෙන්ම වැරදි අදහසකි
                 මරණින් පසු ලැබෙන
                 නිර්වාණයක් නැති අතර ලැබෙන්නේ
                 දුක් සහිත වූ තවත් භවයකි
                 නිර්වාණය අවබෝධය කරන්නේ ජීවත්වන 
                 කෙනෙකඋ පමණය
                 එය පරම සත්‍යය අවබෝධයෙන් මනස පත්වන 
                 උසස් තත්වයකි
                 එම අවබෝධය ලැබූ කෙනෙකඋට දුක සැප වෙනසක් නැත
                 ගද සුවද වෙනසක් නැත
                 රස නීරස වෙනසක් නැත
                 අවට ඝෝෂාව තිබීම නොතිබීම වෙනසක් නැත
                 ලස්සන අවලස්සන වෙනසක් නැත
අවුකන බුදුපිළිමවහන්සේ
                 කායික වෙීදනා දැනීම නොදැනීම 
                 වෙනසක් නැත
                 නමුත් වරදවා තේරඋමි  නොගත
                 යුතඋය
                     
                 එම අවබෝධය ලැබූ කෙනෙකඋට වුවද
                 දුක සැප වෙනස දැනේ
                 ගද සුවද වෙනස  දැනේ           
                 රස නීරස වෙනස  දැනේ
                 අවට ඝෝෂාව තිබීම නොතිබීම වෙනස 
                 දැනේ
                 ලස්සන අවලස්සන වෙනස පෙනේ
                 කායික වෙීදනා දැනීම නොදැනීම වෙනස දැ‍නේ
                 සිදුවන්නේ එවැනි කෙනෙකඋගේ මනසේ ඒවා නිසා
                 ඇලීමක් ගැටීමක් ඇති නොවීමයි
                 එවැනි කෙනෙකඋගේ මනසේ ඇත්තේ වෙනස් නොවන
                 නිරාමිස සැපයකි
                 බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ද
                 කයේ වෙීදනාවන් දැනේ
                 එනමුත් උන්වහන්සේලාගේ සිතේ දුක් නැත
                 උන්වහන්සේලාගේ  කයේ වෙීදනාවන් නිමාවන්නේ
                 පිරිනිවන්පෑමෙනි
                
කැළණිය රජමහ විහාරය බිතඋසිතඋවමි
                 නිර්වාණය ජීවීන් භාවිතා කරන භාෂාවලින්
                 විස්තර කළහැක්කක් නොවෙී
                 භාෂාවක් යනු අදහස් හැගීමි හැකි අයුරින්
                 විස්තර කිරීමට සාදාගත් සංඥාසංකේත වලින්
                 සැදුනකි
                 එබැවින් ධර්ම ග්රන්ථ වල පවා එය විස්තර කරන්නේ           
                 එහි ඇති නැති ස්වභාවයන් දැක්වීමෙනි
                 නිර්වාණයෙහි හටගැනීමක් ඇතත් එහි බිදීමක් නැත
                 එය නිත්‍යව පවතී
නාරිලතා
                 එයට දිශාවක් නැත
                 එයට ප්රේදශයක් නැත
                 එම මනසේ රාග සිතඋවිලි නැත
                 එම මනසේ ද්වෙිශ සිතඋවිලි නැත
                 එම මනසේ මෝහ සිතඋවිලි    
                 නැත
                 එය ලෝකය සහ බැදීමක් නැත
                 එය ලෝකය ඉක්මවා සිටී               
                 එබැවින් එය ලෝකෝත්තරය
                 එය පිහිටීමට අවකාශයක් වුවමනා 
                 නැත
                 එහි සත්ත්වයන් නැත
                 එහෙත් එයට පැමිණෙන සත්වයන් ඇත
                 සත්ත්වයන්ගේ නොපැමිණීමෙන් උවූනත්වයක් හෝ
                 සත්ත්වයන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් එහි නැත
                 රහතන්වහන්සේලාගේ නිවන හීනය
                 බුදුවරයන් වහන්සේලාගේ නිවන ප්රනීතය වශයෙන්
                 හීන ප්රනීත භාවයක් එහි නැත
                 කඋරඋනුත් පත්වන්නේ  එකම නිර්වාන ධාතඋවටය
                 එනමුත් මහා කාරඋණික බුදුරජානන්වහන්සේලා
                 තමන් වහන්සේලා විසින්ම නිර්වාණය අවබෝධකොට
                 ලෝක සත්ත්වයාහට දුකින් මිදීමට
                 අමා මහ නිවන්මග දේශනා කරති
            
කැළණිය රජමහවිහාරය බුදුපිළිමවහන්සේ
    
                             බුදුරජානන්වහන්සේලා අතීත වර්ථමාන අනාගත
                             වූවාට
                             නිර්වාණයෙහි අඑත් පරණ වෙනසක් නැත
                             දීපංකර බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ
                             නිර්වාණ ධාතඋවත්
                             ගවුතම බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ 
                             නිර්වාණ ධාතඋවත්
                             එකමය
                             කඋරඋනුත් පත්වන්නේ  එකම නිර්වාන ධාතඋවටය
                             නිර්වාණය අනන්ත ගඋනයෙන් යුක්තය
                             එය පරම සුවයකි අමිලය
                             නිර්වානය ප්රමාණ කල නොහැකි 
                             ඝමිභීර භාවයෙන් යුක්තය
කොපමණ සරල සැපවත් ජීවිතයක්ද
                                                                       
                       එහි ඇත්තේ සැපවූ කිසිවක් නැති සැපයකි
                       එය ශඋන්‍යතාව නොවෙි
                       එය පරම සුවදෙන නිත්‍ය සුභ මංගල නිරාමිස සැපයකි
                       එය කාය ඥාන ස්පර්ශ ධර්මතාවයකි
                       එය ලෝකයේ සත්‍යය වශයෙන් ඇති පරමාර්ථ ධර්මයකි
                       වැඩි විස්තර සදහා 
                       මහාචාර්යය ගරඋ රේරඋකානේ චන්දවිමල
                       ස්වාමීන්වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොත
                       කියවන්න